Life
දියවැඩියාව කොලෙස්ටේරා්ල් පාලනයට ආයුර්වේදීය බෙහෙත්
දියවැඩියාව පාලනයට
සුදු හඳුන් ග්‍රෑම් 25
බෙලිමුල් ග්‍රෑම් 50
බෙලි මල්ග්රෑම් 50
සස්සඳග්රෑම් 50
කොත්තමල්ලිග්රෑම් 50
කොතලහිඹුටු ග්‍රෑම් 50
රණවරාග්රෑම් 50
කටුවැල්බටුග්රෑම් 50
නාමල් රේණු ග්‍රෑම් 50
රසකිඳ ග්‍රෑම් 50
නෙළුම් මල් රේණු ග්‍රෑම් 50
වෙනිවැල් ග්‍රෑම් 50
අරළුග්රෑම් 50
පොල්පලාග්රෑම් 50
මේවායින් 1/4 ගෙන හොඳින් සෝදා වතුර බෝතල් 5-6 පමණ අල්ලන මුට්ටියක දමා පිරෙන්න වතුර දමා මද ගින්නේ පැය 3ක් පමණ තම්බා ගන්න. වෙනම භාජනයකට වතුර හොඳින් උතුරුවා බෙහෙත් තම්බාගත් භාජනයේ තැම්බිමේදී අඩුවූ වතුර පුරවා හැකි තරම් නිවෙන්නට හැර බෝතල්වලට පුරවා ශීතකරණයේ තබා දිනපතා උදේ දවල් නැතිනම් රාත්‍රීයට කුඩා වීදුරුවෙන් එකක් බොන්න.
මෙම බෙහෙත් වර්ග කුඩු වශනේ ලබා ගෙන හොඳට මිශ්‍රකර දිනකට මේස හැඳි 3ක් පමණ නටන වතුරට දමා තේ කෝපි මෙන් බිමට පුළුවන. වෙනත් බෙහෙත් පෙති බොනවා නම් එම බෙහෙත පටන් ගත් විටත් පසුත් ලේ මූත්‍රා පරීක්ෂා කර බලන්න. සීනි අඩුවී තිබ්බේ නම් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් හා එන්නත් නවතා දමන්න. මෙය දිගටම පානය කිරීමෙන් දියවැඩියාව සුවවේ. දියවැඩියා නැති අයට මෙය බිමෙන් දියවැඩියාව නොවැළඳේ. ඒ අතරතුර දියවැඩියාවට අගුණ දේ කෑමෙන් වළකින්න. දවසකට වරක් නාන්න. බෙහෙත් බෝතල් 10ක් පමණ සාදා ගත් විට වෙන වෙනම ගොටුවලට ගන්න. එසේ ගත් සෑම වර්ගයක්ම 1/4 බැගින් වරකට හොඳින් සෝදන විට නාමල් රේණු සේදීමට අවශ්‍ය නැත. පළමුව ලේ මූත්‍රා පරීක්ෂා කර ගෙන කොතෙක් සීනි අඩුවන්නේදැය බලන්න. මාස 6ක් පමණ පාවිච්චි කරන්න.
කොලෙස්ට්‍රෝල් පාලනයට
අවශ්‍ය ද්‍රව්‍ය:- ඔලිඳ කොළ, රතු කැකුළු සහල්, සහිද ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:- ඔලිඳ කොළ කොටා මිරිකා යුෂ ගෙන කොළ කැඳ සෑදීම සඳහා රතු හාල් සමග වතුර දමා තම්බා අඬු කෝප්පයකට දමා අවශ්‍ය පමණට ලුණු ස්වල්පයක් දමා පානය කරන්න.
මෙය සතියකට දෙවරක් පමණක් භාවිත කිරීම සෑහේ. මසකට වරක් කොලෙස්ට්‍රෝල් පරීක්ෂා කර බලන්න.
පිළිකා රෝග නිවාරණයට
කටුපිල ගසේ පස් පංගුව (ගස සහමුලින් ගන්න)
කටුපිල ගස සහමුලින් ගෙන සෝදා මුට්ටියකට දමා එයට බීමට සෑහෙන ප්‍රමාණයකට වතුර දමා හොඳින් උතුරවා තම්බා ගෙන තේ වතුර වෙනුවට පාවිච්චි කරන්න.
කටුපිල මැල්ලුමක් ලෙස මෙන්ම කොළ කැඳ ලෙස ද පානය කිරීමට සුදුසුය.
ඇහැලේපොල වෙද මැදුරේ ඇහැලේපොල වෙද මහතා විසින් ලබා දුන් වට්ටෝරුය.